2011 Progress


2011 වර්ෂය තුළ විද්‍යා දාන තාක්ෂණ සම්පත් මධ්‍යස්ථානයෙහි කාර්යභාරය    
නූතන තාක්ෂණය ග්‍රාමීය ජනතාවගේ ජීවනෝපාය මාර්ගයන් වෙතට රැගෙනයාමේ ක්‍රියාදාමය යටතේ අප මධ්‍යස්ථානය 2011 වර්ෂයේ  ද ග්‍රාමීය ජනතාවගේ අවශ්‍යතාවයන් සහ ප්‍රදේශයේ  සම්පත් උපයෝගි කර ගනිමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.

 1. තාක්ෂණික වැඩසටහන් පිළිබඳ තොරතුරු
         
1.     බතික් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ පුහුණු වැඩමුළුව

      ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදුකරනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන් අතරින් 2011 වර්ෂයේ දී වලස්මුල්ල බටහිර ග්‍රාම නිලධාරී වස‍මේ බතික් නිෂ්පාදන කර්මාන්තය පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2011.02.03 වන දින ප්‍රතිලාභීන් 12 දෙනෙකුගේ  සහභාගීත්වයෙන් සහ වලස්මුල්ල විද්‍යා හා තාක්ෂණ නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් එම ග්‍රාම  නිලධාරී වසම තුල පවත්වන ලදි. වැඩමුළුවට සහභාගී වු ප්‍රතිලාභීන්ගේ දැනුම තව දුරටත් වැඩි දියුණු කර ස්වයං රැකියා ක්ෂේත්‍රයට යොමුකරලීම සඳහා මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.    


 2. ස්ක්‍රීන් ප්‍රින්ටින් පිළිබඳ පුහුණු වැඩසටහන

      ස්ක්‍රීන් ප්‍රින්ටින් කර්මාන්තය ඉතා සුළු මුදලකින් කර්මාන්තයක් ලෙස ආරම්භ කිරිමට හැකියාව ඇති බැවින්, මෙම වැඩසටහන 2011.03.28 සහ 31 යන දිනවල ප්‍රතිලාභීන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සහ බණ්ඩාරගම විද්‍යා හා තාක්ෂණ නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රැස්වීම් ශාලාවේ දී පවත්වන ලදි. වැඩමුළුව සඳහා සහභාගී වූ ප්‍රතිලාභීන්ගේ උනන්දුව මත ඉතාමත් සාර්ථක වැඩසටහනක් සිදුකරන ලදි.







3. සබන් නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුව
     ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදුකරනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන්  යටතේ බෝවල උතුර ග්‍රාම නිලධාරී වස‍මේ සබන් නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2011.04.01 වන දින ප්‍රතිලාභීන් 25 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සහ වලස්මුල්ල විද්‍යා හා තාක්ෂණ නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් එම ග්‍රාම  නිලධාරී වසම තුල පවත්වන ලදි. රෙදි සෝදන සබන් නිවසේ දීම නිෂ්පාදනය කර පරිහරණයට ගැනීම තුළින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය පවුලේ ආර්ථිකයට අත්වැලක් ලබාදීමේ අරමුණ ඇතිව මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදි.   
 

4. පරිගණක දෘඩාංග වැඩමුළුව
2011.04.23 සහ 24 යන දෙදින තුළ ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයෙහි පවත්වනු ලැබූ පරිගණක දෘඩාංග පුහුණු වැඩසටහන සඳහා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් එක් ප්‍රතිලාභියෙකු සහභාගී කරවනු ලැබීය.
 
5. රුපවාහිනී සහ ගුවන් විදුලි අළුත්වැඩියාව

ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය මඟින් 2011.06.03,04 සහ 05 යන තෙදින එම ආයතනයේ දී පවත්වනු ලැබූ රූපවාහිනී සහ ගුවන් විදුලි අළුත්වැඩියාව පිළිබඳ වැඩමුළු සඳහා වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ප්‍රතිලාභීන් දෙදෙනෙකු යොමු කරන ලද අතර, ඒ තුළින් ලද දැනුම ඉදිරි කටයුතු සඳහා විශාල පිටුවහලක් වූ බව එක් ප්‍රතිලාභීයෙකු විසින් ප්‍රකාශ කරන ලදි.            

6. උණ පතුරු ආශ්‍රිත නිෂ්පාදන වැඩමුළුව
            ප්‍රදේශයේ බහුල වශයෙන් ව්‍යාප්ත වී තිබෙන උණ ශාඛය උපයෝගි කර විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය කිරිමේ වැඩමුළුවක් ජාතික ශිල්ප සභාවේ දායකත්වය 2011.06.20, 21 සහ 22 යන ‍තෙදින ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි. මෙහිදි මල් වට්ටි පළතුරු වට්ටි නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැනුම ලබා දෙන ලදි. 
  
 7. ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුව
විදාතා සම්පත් මධ්‍යස්ථානයේ තාක්ෂණය ලබා ස්වයං රැකියා ක්ෂේත්‍රයට පිවිසි සහ රැකියා ක්ෂේත්‍රයට අවතිරණ විමට බලාපොරොත්තුවන ප්‍රතිලාභින් සඳහා ව්‍යාපාරයක් මනා කළමණාකාරිත්වයෙන් කරගෙන යාම සඳහා අවශ්‍ය දැනුම හම්බන්තොට කුඩා ව්‍යාපාර අංශයේ සම්පත් දායකත්වයෙන් 2011.08.25 සහ 26 යන දෙදින තුළ ලබාදෙන ලදි.
8. කැස්පර් භාවිතයෙන් කිතුල් මැදීම
වලස්මුල්ල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රම්මල, තලපත්කන්ද, වීදිපොල, දෙහිගහහේන හඳුගල වරාපිටිය යන  ප්‍රදේශවල කිතුල් ශාකය ඉතා විශාල වශයෙන් ව්‍යාප්ත වි ඇති අතර මේ වන විට කැස්පර් භාවිතයෙන් කිතුල් මැදීම මෙම ප්‍රදේශවල ඉතා සාර්ථකව සිදුවන අතර එය වඩාත් පුළුල් කිරිම අරමුණ ඇතිව මෙම වැඩසටහන 2011.08.09 ක්‍රියාත්මක කරන ලදි.
9. සබන් නි‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෂ්පාදනය වැඩමුළුව
ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් සිදුකරනු ලබන තාක්ෂණික පුහුණු වැඩසටහන්  යටතේ සබන් නිෂ්පාදන පිළිබඳ පුහුණු වැඩමුළුවක් 2011.09.29 වන දින ප්‍රතිලාභීන් 10 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සහ වලස්මුල්ල විද්‍යා හා තාක්ෂණ නිලධාරිගේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදි.

 10. නිනිති තාක්ෂණය හා අකුණු ආරක්ෂණය වැඩමුළුව
          නිනිති තාක්ෂණය හඳුන්වා දීම සහ එහි ‍භාවිතයන් පිළිබඳව සහ අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම පිළිබඳව කිරම ධම්මානන්ද විද්‍යාලයේ  9,10, ශ්‍රේණිවල සිසුන් දැනුවත් කිරිමේ වැඩසටහනක් එම විද්‍යාලයේ ශ්‍රවණාගාරයේදි පවත්වන ලදි.

11. උණ පතුරු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන පුහුණු වැඩමුළුව
උණ පතරු ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය දෙවන අදියර 2011.12.15,16,17,18 යන දිනවල ජාතික ශිල්ප සභාවේ සම්පත්දායකත්වයෙන් සිදු කරන ලදි. මෙහිදි  විවිධ මෝස්තරවල මල් වට්ටි සහ පළතුරු වට්ටි සහ ලෑම්ප් ශේඩ් (Lamp Shade) නිෂ්පාදනය සහ අවශ්‍ය දැනුම ලබා දෙන ලදි. ප්‍රදේශයෙන්   පහසුවෙන් සපයා ගත හැකි අමු ද්‍රව්‍ය ඇති බැවින් සහ වෙළඳපොල පහසුකම් මෙම නිෂ්පාදනය සඳහා තිබෙන බැවින් මෙම වැඩසටහනේ II අදියර ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.








12. ගෙවතු වගාවේ තවාන් පාලනය සහ කොම්පෝස්ට් භාවිතය
            ගෙවතු වගාව මේ වන විට කොටිඨාශවල ඉතාමත් සාර්ථකව ත්‍රියාත්මක වන බැවින් එම ප්‍රතිලාභින් එම ප්‍රතිලාභින් සඳහා  ගෙවතු වගාවේ තවාන් පාලනය සහ කොම්පොස්ට් භාවිතය පිළිබඳ දැනුම ක්‍රියාත්මක කරන ලදි. අගුණකොලපැලැස්ස සේවා සංස්කරණ අභ්‍යාස මධ්‍යස්ථානයේ සම්පත්දායකත්වයෙන් 2011.11.24 දින සිදු කරන ලදි.

 13  රසකැවිලි නිෂ්පාදන පුහුණු වැඩමුළුව








දැනට ස්වයං රැකියා ක්ෂේත්‍රෙයේ නියුතු ප්‍රතිලාභීන් එම නිෂ්පාදන කරගෙන යැමේදී මතුවන තාක්ෂණික ගැටළු නිරාකරණය කිරීම සඳහා සහ දිවිය රැකෙන ක්ෂේත්‍රයට එම නිෂ්පාදන ක්‍රියාවලියට අවතීරනය වීමට බලාපොරොත්තුවන ප්‍රතිලාභීන් සඳහා මෙම වැඩසටහන සංවිධානය කරන ලදි.  මෙය හම්බන්තොට නියෝජ්‍ය කෘෂිකර්ම කාර්යාලයේ සම්පත් දායකත්වයෙන් 2011.11.28 දින පවත්වන ලදි.
 14.  ව්‍යපාර කළමණාකරනය පිළිබඳ වැඩමුළුව
ව්‍යවසායකත්ව සංවර්ධන පුහුණු වැඩමුළුවෙහි දෙවන අදියර ලෙස ව්‍යාපාර කළමණාකරන වැඩමුළුවෙහි දෙවන අදියර ලෙස ව්‍යාපාර කළමණාකරන වැඩසටහන 2011.12.05 දින හම්බන්තොට කුඩා ව්‍යාපාර අංශය විසින් සම්පත් දායකත්වයෙන් සිදු කරන ලදි.

 15.  සබන් සබන් කුඩු , සබන් දියර නිෂ්පාදන වැඩමුළුව








සබන් නිෂ්පාදනයේදී මතුවන ගැටළු නිරාකරනය කිරීම සහ සබන් කුඩු සහ සබන් දියර නිෂ්පාදනය සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදි.  එදිනෙදා ජීවිතයට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩයක් වන මෙය නිව‍සේදීම පහසුවෙන් සකසා ගැනිමට හැකිවීම නිසා ප්‍රතිලාභීන් මෙම වැඩසටහන සඳහා මහත් උද්යෝගයකින් සහභාගී විය .

 2' බාහිර ප්‍රතිපාදන වලින් පවත්වන ලද පුහුණු වැඩමුළු

1. රැකියා ගවේෂණ ශිල්ප ක්‍රම පිළිබඳ වැඩමුළුව
        විදාතා මධ්‍යස්ථානයේ පරිගණක පුහුණු පාඨමාලාව හදාරණ තරුණ තරුණියන් සඳහා රැකියා ගවේෂණ ශිල්පී ක්‍රම පිළිබඳ වැඩමුළුවක් 2011.07.07 සහ 08 යන දෙදින හම්බන්තොට මාර්ගෝපදේශ අංශයේ සම්පත් දායකත්වයෙන් පවත්වන ලදි.මෙහිදි නිවැරදි ජව දත්ත පත්‍රිකා සකස් කරන  ආකාරය, රැකියා තෝරා ගැනිම සම්මුඛ පරික්ෂණ සඳහා මුහුණ ‍දෙන ආකාරය පිළිබඳ දැනුවත් කිරිම මෙම දෙදින තුළ සිදු කරන ලදි. 



 





02. උණ පතුරු ආශ්‍රිත විසිතුරු භාණ්ඩ නිෂ්පාදන උසස් තාක්ෂණ පුහුණු වැඩමුළුව
උණ පතරු ආශ්‍රිත භාණ්ඩ නිෂ්පාදනය පුහුණු උසස් තාක්ෂණ පුහුණු වැඩමුළුව 201112.12 දින සිට 2012.12.23 දින දක්වා  ජාතික ශිල්ප සභාවේ මුල්‍ය දායකත්ව‍යෙන් පවත්වන ලදි. මෙහිදි  විවිධ මෝස්තරවල මල් වට්ටි සහ පළතුරු වට්ටි සහ ලෑම්ප් ශේඩ් (Lamp Shade) නිෂ්පාදනය සහ අවශ්‍ය උසස් තාක්ෂණ දැනුම ලබා දෙන ලදි. වෙළඳපොල පහසුකම් මෙම නිෂ්පාදනය සඳහා තිබෙන බැවින් මෙම වැඩසටහනේ උසස් තාක්ෂණ ලබා දීම වැඩසටහන මගින් සිදු කරන  ලදි


  
 3' පරිගණක පුහුණුව ලබා දිම

පරිගණක පාඨමාලාව ආරම්භ කිරිම සහ පුහුණුව නිමකල සිසුන්ට
සහතික පත්‍ර ප්‍රදානය
v   2011.02.15 විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සිදු කරනු ලබන පරිගණක පුහුණු පාඨමාලාවේ       V කණ්ඩායමට සිසුන්  110 දෙනෙකු සඳහා පාඨමාලාව ආරම්භ කිරීම සහ IV කණ්ඩායමේ සිසුන් 47 ‍දෙනෙකු සඳහා සහතික පත්‍ර ප්‍රදානය කිරීමද එදින සිදු කරන ලදි.         






                                                                                            



v  2011.10.11 විදාතා සම්පත් මධ්‍යස්ථානය මගින් සිදු කරනු ලබන පරිගණක පුහුණු පාඨමාලාවේ VI කණ්ඩායමට සිසුන් 130 දෙනෙකු සඳහා පාඨමාලාව ආරම්භ කිරීම සහ V කණ්ඩායමේ සිසුන් 68 ‍දෙනෙකු සඳහා 2011.12.28 දින සහතික පත්‍ර ප්‍රදානය කරන ලදි.

04. අප ලද ජයග්‍රහණ

1. 2009 / 2010 වර්ෂයේ කාර්යාල කළමණාකරන තරඟයෙන් ලංකාවෙන් පළමුවන ස්ථානය වලස්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ලබා ගත් අතර ඒ සඳහා විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් හිමිවිය යුතු ලකුණු ප්‍රමාණය උපරිම ලෙස ලබා දීමට හැකියාව ලැබිණී.

2. විද්‍යා දාන තාක්ෂණය තුලින් ගොඩනැගුණ දිරිය ව්‍යවසායකත්වය

වලස්මුල්ල විදාතා සම්පත් මධ්‍යස්ථානයෙන් ආහාර තාක්ෂණය පිළිබඳ දැනුම ලබා 2010 වර්ෂයේ වියට්නාම සංචාරය කල තලපත්කන්ද ශ්‍රීමාලි මාර්කටින්හි දිනේෂ් සුරංග වීරසිංහ මහතා හම්බන්තොට වානිජ මණ්ඩලයේ සාමාජිකන්වය ලැබ දිරියෙන් ඉදිරියට ගිය තරුණ‍යෙකි.
 ඔහු 2011 වර්ෂයේ ශිල්ප 2011 පළාත් සම්මාන තරඟාවලියේදී කර්මාන්ත අංශයේ ස්වයං රැකියා ක්ෂේත්‍රයේ විශිෂ්ඨම ව්‍යවසායකයා ලෙස දකුණු පළාතේ පළාත් මට්ටමේ ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලද අතර ජාතික මට්ටමේ දෙවන ස්ථානය සඳහා වන ජාතික රජත පදක්කම ද දිනා ගන්නා ලදි.